spot_img
spot_img

රනිල්ගේ වැඩක් ගැන සංගමයකින් පැමිණිල්ලක්

ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නව සුරාබදු බලපත්‍ර 200කට අධික සංඛ්‍යාවක් දීමට එරෙහිව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරි සංගමය මැතිවරණ කොමිෂන් සභාවට අද (12) පැමිණිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරි සංගමයේ උප සභාපති ප්‍රසන්න විතානගේ මහතා පවසන්​නේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නව බලපත්‍ර හයක් මේ වන විට නිකුත් කර ඇති බවත් ඉදි​රි සතිය තුල තවත් බලපත්‍ර නිකුත් කිරීමට ආණ්ඩුව සුදානම් වී ඇති බව​යි.

මැතිවරණ කොමිෂන් සභාවට කල පැමිණිල්ලෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බ​ව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න විතානගේ මහතා,

“වත්මන් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති අවස්ථාවක සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන්නෙත් ඔහු. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට නව සුරාබදු බලපත්‍ර 200කට වැඩි ප්‍රමාණයක් දීමට කටයුතු කරගෙන යන බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඊට අමතරව ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත්කළාට පසු නව බලපත්‍ර 6ක් පමණ පෙර දිනයන් දමා නිකුත් කරලා තියෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...