Saturday, April 18, 2026
spot_img
spot_img

අනුරව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පැමිණිල්ලක්

ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ, 2007 වසරේ සිට තොරතුරු වසන් කර රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට චෝදනා කරමින්.

ඒ අනුව, අනුව කුමාර දිසානායක මහතා නීතිය ඉදිරියට පමුණුවන ලෙස ඉල්ලමින් එම මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය වෙනුවෙන් දර්ශන තන්ත්‍රිගේ ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය දේපල අවභාවිත කරන බවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා විසින් පිළිගෙන ඇති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

ඒ අනුව, දීර්ඝ කාලයක් තිස්සේ කරන මෙම අවභාවිතාව හේතුවෙන් පොදු දේපළ පනත යටතේ අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ද එම පැමිණිල්ල මඟින් මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය ඉල්ලා සිටිනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...