spot_img
spot_img

FOXHILL අනතුර ගැන පරීක්ෂණ කරන්න යුද හමුදාවෙන් කමිටුවක්

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසුවේ, මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කරන බවයි.

අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

පසුගිය ඉරිදා පස්වරුවේ දියතලාව ෆොක්ස්හිල් මොටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යුද හමුදාව පැවසුවේ, ආරක්ෂක පස්වලල්ල මත ප්‍රේක්ෂකයින් රැඳී සිටිමින් තරගය නරඹමින් සිටින අවස්ථාවේ දී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.

කෙසේවෙතත්, මෙම අනතුර සම්බන්ධයෙන් රේසින් කාර් රියදුරන් දෙදෙනෙකු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා අප්‍රේල් 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...