spot_img
spot_img

ජනක බණ්ඩාරලා විසින් වල දැමූ මිනියක් ගොඩට අදී

අභියාචනාධිකරණය විසින් 2020 වසරේදී හිටපු අමාත්‍යවරයෙකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනු කළ මිනීමැරුම් නඩුවක අධිචෝදනා පත්‍රය බල රහිත කිරීමට දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ විශේෂ අභියාචනයක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වන දිනට නියම කර තිබේ.

1999 වසරේදී මාතලේ, දඹුල්ගමුව ප්‍රදේශයේදී දහඅට හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා මත හිටපු අමාත්‍යවරයාට එරෙහිව මහනුවර මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

එම අධිචෝදනා පත්‍රය අභියෝගයට ලක් කරමින් තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, එම අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි බවට තීන්දු කර එය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය ක්‍රියා කළේය.

ජගත් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී සිය සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් ඇවිදීමට පවා නොහැකි බව වගඋත්තරකාර ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා, අධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා, පෙත්සමේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව විනිසුරු මඩුල්ල විසින් ඉහත දිනය නියම කරන ලදී.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි නියෝගයක් බැවින් එය බලරහිත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...