spot_img
spot_img

ජල පරිභෝජනය පරිස්සමින්! ජල සම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කළුවාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, වියළි කාලගුණ තත්ත්වය මාස දෙකකට අධික කාලයක් පවතින්නේ නම් ජලය මුර ක්‍රමයට ලබා දීමට සිදුවන බවයි.

කෙසේවුවත්, මේ වනවිට පවතින ජල මට්ටම ප්‍රමාණවත් වන බවද ඇය සඳහන් කළා.

අනෝජා කළුවාරච්චි මහත්මිය තවදුරටත් දැනුම් දුන්නේ සෑම විටම ජලය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදාගන්නා ලෙසයි.

“අපේම ජල මුලාශ්‍රයක් වන කලටුවාව ජලාශ්‍රයේ ඉදිරි මාස දෙක සඳහා තව දින 65කට ජලය තියෙනවා සැපයුම කරන්න. ලබුගම ජලාශ්‍රයේ දින 105ක් සඳහා ජලය තියෙනවා. අපි හිතනවා වැසි ලැබෙයි කියලා. පාරිභෝගිකයින්ට ජල සැපයුම සීමා කිරීමක් කරලා නෑ. නමුත් ඇතැම් පාරිභෝගිකයින්ට ලැබෙන ජල ප්‍රමාණය අඩුවීමක් හෝ නොලැබීයෑමක් සිදුවුවහොත් පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන අංකය වන 1919 ට දැනුම්දීමක් කරන්න පුළුවන්. ඒ සඳහා විසඳුමක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය තැන්වලට බවුසර් මඟින් ජලය සපයා දිය හැකියි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...