spot_img
spot_img

ලියාපදිංචි නැති ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිසියේ සහය

ජනතාව අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවට වාර්තා වනවා.

ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට විෂය භාර ඇමති විදුර වික්‍රමනායක මහතා තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරයා විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙන්නේ ඒ සඳහා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරි නායක හිමිවරුන් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී වික්‍රමනායක ඇමතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ආගමික සිද්ධස්ථාන හා භික්ෂුන් වහන්සේ සම්බන්ධ ගැටලු, ආගමික විකෘතිතා සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ ඇමති විදුර වික්‍රමනායක අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...