spot_img
spot_img

77වැනි නිදහස් උලෙළ නිදහස් චතුරස්‍රයේදී

ගිය වසරට වඩා රු. මිලියන 113කින් වියදම අඩුවීමක්

ගුවන්යානා 3යි රථ පෙළපාළි නෑ

‘ජාතික පුන­රු­ද­යට පෙළ­ගැ­සෙමු’ තේමාව යටතේ 77 වැනි නිද­හස් උත්ස­වය නිද­හස් චතු­රස්‍ර පරි­ශ්‍රයේ දී අභි­මා­න­වත් අන්ද­මින් පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් බව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය පව­සනවා.

අඩු පිරි­වැ­ය­කින්, මහ­ජ­න­තා­වට සිදු වන පීඩා අවම වන අන්ද­මින් හා වැඩි ජන සහ­භා­ගි­ත්ව­ය­කින් යුතුව මෙවර නිද­හස් දින උත්ස­වය පැවැ­ත්වී­මට අමා­ත්‍යාං­ශය සැල­සුම් කර තිබෙනවා.

හමුදා සාමා­ජි­ක­යන් 1,873කට හමුදා පෙළ­පා­ළිය සීමා කර ඇති අතර ගිය වස­රට සාපේ­ක්ෂව හමුදා පෙළ­පා­ළියේ සාමා­ජි­ක­යන් සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබේ. මෙවර පෙළ­පා­ළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැ­නී­ම­ටත් තීර­ණය කර තිබේ. ඉකුත් වසරේ ගුවන් යානා 19ක් නිද­හස් දින උත්ස­වය වෙනු­වෙන් යොදා­ගෙන ඇති අතර මෙවර ජාතිය කොඩිය ගුව­නින් ගෙන යෑම සඳහා ගුවන් යානා තුනක් පම­ණක් යොදා ගනියි.

සාම්ප්‍ර­දා­යි­කව නිද­හස් දින දහ­වල් 12.00ට මුහුදේ නෞකා­වක් තුළ නාවික හමු­දාව විසින් පව­ත්වනු ලබන වෙඩි මුර 25ක් පැවැ ත්වීම මෙවර ද පැවැත්වේ. ගිය වසරේ නිදහස් උත්සවයට ගිය වියදම රුපියල් මිලියන 200ක් වන අතර මෙවර ඒය මිලියන 87ක් දක්වා අඩුවී ඇතැයි වාර්තා වනවා.එය රුපියල් මිලියන 113ක අඩුවීමක්

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...