spot_img
spot_img

පොලීසියට වෙට්ටු දැම්මොත් දඩය 30,000යි

පොලිස් සංඥා නොතකමින් රියදුරු බලපත්‍රයක් නොමැතිව පොලිසියට වෙට්ටු දැමූ බාලවයස්කාර පැදිකරුට රුපියල් 30,000ක දඩ මුදලක් නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් එම බාලවයස්කරුට යතුරු පැදිය ලබා දෙමින් අනුබල දුන් මවට කඩිනමින් නඩු පවරන ලෙසට නියම කර තිබෙනවා.

කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිකාර බාලවයස්කරුවකුට එලෙස දඩ නියම කළ අතර එහිදී නඩුව කැඳවූ මුල් අවස්ථාවේ සැකකරුගේ වයස විමසූ මහෙස්ත්‍රාත්වරයා නඩුව පසුවට ගෙන සැකකාර බාලවයස්කාර රියැදුරා පරිවාස නිලධාරී වෙත යොමුකොට නැවත කැඳවන ලෙසටද නියම කළා.

අනතුරුව එම බාලවයස්කාර සිසුවාගේ මවද අධිකරණය ඉදිරියට කැඳවා බලපත්‍රයක් නොමැති බාලවයස්කරුවකුට යතුරු පැදිය ලබාදීම සම්බන්ධව තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා රථවාහන නිලධාරීන් අමතා බලපත්‍ර නොමැති අයකුට රථ වාහන ලබාදීම සම්බන්ධව නඩු පවරන ලෙසට නියම කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...