spot_img
spot_img

මනූෂගේ E8 කොරියා වීසා ගිවිසුම හොර එකක් – ඇමැති විජිත හේරත් මැති­ස­බ­යේදී කියයි

කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) අනාවරණය කළා.

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එම ගිවිසුම අත්සන් කර ඇත්තේ කොරියාවේ වන්දෝ ප්‍රාන්තයේ නගරාධිපතිවරයා සමඟ වන අතර එම ගිවිසුම අත්සන් කිරීමට පෙර අදාළ ඇමැතිවරයා විසින් කියවීමක්වත් කර නැති බව ද ඇමැතිවරයා පැවසුවා.

නීත්‍යනුකූල නොවන පරිදි අත්සන් කර ඇති මෙම නීති විරෝධී ගිවිසුම යටතේ තවදුරටත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කොරියාවට යැවීමේ හැකියාවක් නැති බවත් ඊ8 වීසා ක්‍රමවේදය යටතේ තරුණ තරුණියන් විදෙස්ගත වී විපතට පත්වුවහොත් මැදිහත් වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඇමැතිවරයා අවධාරණය කළා.

අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ අදාළ ගිවිසුම පාකිස්තානය වෙනුවෙන් සකස් කර ඇති ගිවිසුමක් බවත් යම් හෙයකින් ශ්‍රමිකයකු විපතට පත්වුවහොත් ගෙවීම් කරන ස්ථානයේ නම් කර ඇත්තේ පාකිස්තානය ලෙස බවත්ය. පාකිස්තානය වෙනුවෙන් සකස් කර ඇති ගිවිසුමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ද යොදාගෙන ඇති බව ද ඇමැතිවරයා පැවසුවා.

එමෙන්ම ඊ8 වීසා ක්‍රමවේදයට අදාළ නීති විරෝධී ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොතිබූ අතර මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍යාංශයේ එක්තරා ස්ථානයක තබා තිබූ ගිවිසුමක් සොයා ගැනීමට හැකිවූ බවත් හෙතෙම පැවසුවා.

නීති විරෝධී වන මෙම ඊ8 වීසා ක්‍රමවේදය යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තවදුරටත් කොරියාවට යැවීම සිදු නොකරන අතර මේ යටතේ පීඩාවට පත්වූවන් වෙනුවෙන් අමාත්‍යාංශය ලෙස සහන වැඩපිළිවෙළක් සැකසීමට අපි අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...