spot_img
spot_img

සැප වාහන වෙන්දේසියට නියෝග

රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම් විස්තර වාර්තා ලබන මාර්තු මස 1 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත.

රේගු ආඥා පනතේ (අ) උපලේඛනය මගින් ප්‍රකාශිත සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ ( HS)87.03 යටතේ වර්ගීකරණය කර ඇති එන්ජින් ධාරිතාවය 1800CC ට වැඩි පැට්‍රල් වාහන සහ එන්ජින් ධාරිතාවය 2300CC ට වැඩි ඩීසල් වාහන ( ඩබල් කැබ්, සින්ගල් කැබ්, වෑන් බස් ලොරි ට්‍රක් යනාදිය ඇතුළත් නොවේ) මෙසේ
වෙන්දේසි කෙරේ.

මෙසේ වෙන්දේසි කෙරෙන වාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම නොකළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙයි.

පොදු දේපළ අස්ථානගතවීම සහ අවභාවිතය වැළැක්වීමට මෙන්ම රජයේ මුදල් ඵලදායී ලෙස යොදා ගැනීම තහවුරු කිරීම සඳහා රජයේ සියලුම වාහන නිසි පරිදි උපයෝජනය කිරීම ලේඛන ලේඛනගත කර පවත්වාගෙන යෑම සහ වාර්තා කිරීම සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අනිවාර්ය වගකීමක් බවද එම චක්‍රලේඛයේ දැක්වේ.

ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වාහන වල අවශ්‍යතාව ඇගයීමෙන් පසුව ආර්ථිකමය වශයෙන් ඵලදායි නොවන සහ ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය නොවන මෝටර් වාහන රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය හරහා අපහරණය කළ යුතු බවත් ඉහත දැක්වෙන මෝටර් වාහන ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය වන්නේ නම් එම අවශ්‍යතාව සාධාරණීකරණය කරමින් භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා කොම්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන්වේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...