spot_img
spot_img

ලංකාවේ රත්තරන් ඉන්දියාවට පටවන ජාවාරමක්

ලංකාවේ රත්තරන් ඉන්දියාවට පැටවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරීහු සමත්ව තිබෙනවා.

පසුගියදා කල්පිටිය – බත්තලන්ගුණ්ඩුව දූපතට ආසන්නයේදී කුඩා ප්‍රමාණයේ බෝට්ටුවකින් රත්තරන් කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 450ක් ඉන්දියාවට රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවුක හමුදා බුද්ධි අංශයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ භාරයට ගත් රත්තරන් තොගය කටුනායක රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට වැටලීම කළ නාවුක නිලධාරීන් කටයුතු කර ඇත.

රත්තරන් තොගය ඉන්දියාව දක්වා රැගෙන යමින් සිටි බව අත්අඩංගුවට ගත් සැකකරුවෝ සදහන් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...