spot_img
spot_img

රේගුවෙන් ඇල්ලූ වාහන 637ක් දිරලා -ගාල් කරන්න ලක්ෂ 418ක කුලියට ඉඩමකුත් අරන්

ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගන්නා ලද වාහන 637ක් දිගු කාලයක් තිස්සේ අංගණවල ගාල්කර දිරන්නට හැරීමෙන් වෙන්දේසි කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. මේ වාහනවලින් 435ක් රඳවා ඇත්තේ වාර්ෂිකව රුපියල් මිලියන 41.8ක කුලී මුදලක් ගෙවීමට පෞද්ගලික සමාගමකින් ලබාගත් මට්ටක්කුලිය ප්‍රදේශයේ ඉඩමකය. මේ අතරින් වාහන 152ක් මීට වසර 5කට පෙර අත්අඩංගුවට ගත් ඒවාය. අනෙක් වාහන 202 රුහුණුපුර වරාය භූමියේ ඇති අතර ඉන් වාහන 36ක්ම වසර 5 කට පෙර අත්අඩංගුවට ගත් ඒවාය.

මෙලෙස දිගු කාලයක් අංගණවල ගාල්කර තැබීම හේතුවෙන් මෙම වාහන දිරාපත් වී ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්වීම නිසා වෙන්දේසියකින් සාධාරණ මුදලක් ඉපැයීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ.එසේම 2023 වර්ෂයේදී අවසන් කරන ලද විමර්ශන සඳහා පාදකවූ රේගු වැරදි 1902ක් අතරින් අතිරික්ත භාණ්ඩ ආනයන අවස්ථා 224ක්ද ප්‍රකාශ නොකළ භාණ්ඩ ආනයනයන් 498ක්ද වටිනාකම අඩුවෙන් ප්‍රකාශ කර ආනයනය කිරීම් 207ක්ද තහනම් කරන ලද හෝ සීමා කරන ලද භාණ්ඩ ආනයනයන් 188ක්ද රේගු ආඥා පනත උල්ලංඝනය කරන ලද වෙනත් අවස්ථා 211ක්ද වාර්තා වී ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.

රේගු ආඥා පනතේ 162 වගන්තිය ප්‍රකාරව අල්ලා ගැනීමෙන් පසු නීති විරෝධී වූ බැව් ප්‍රකාශ කළ භාණ්ඩ සම්බන්ධයෙන් හැකි පමණ ඉක්මනින් සුදුසු පරිදි ක්‍රියා කළ යුතු වුවද 2023 වර්ෂය අවසාන වනතෙක් බහාලුම් 694ක් පරීක්ෂණ අවසන් නොකර අංගණවල රඳවා තිබුණු බව ද එහි සඳහන්ය.

ඒ අතර වටිනාකම තහවුරු නොකළ, විවිධ ආහාර ද්‍රව්‍ය බෙහෙත් වර්ග සහ පොහොර ආදිය සහිත බහාලුම් 39ක් වෙයි. මෙම බහාලුම් මෙරටට ආනයනය කර වසර 02 සිට වසර 12 දක්වා අතර කාලයක් ගතවී ඇත. මෙරටට ආනයනය කර වසර 01 ත් 05ත් අතර කාලයක් පැරණි විවිධ භාණ්ඩ අඩංගු බහාලුම් 448, අන්තර්ගත ද්‍රව්‍ය ඇති නැති බව නොදන්නා වසර 05ත් 10ත් කාලයක් පැරණි බහාලුම් 116ක් හා වසර 10ට පෙර ගෙන්වූ බහාලුම් 38ක්, වසර 01ත් 06ත් කාලයක් පැරණි රුපියල් මිලියන 186ක් වටිනා සහල් සහිත බහාලුම් 53ක් තිබී ඇත.

පුද්ගලික සමාගමක් විසින් ව්‍යාජ ඉන්වොයිසි ඉදිරිපත් කර 2023 වර්ෂයේ ආනයනය කරන ලද සත්ත්ව ආහාර තොගයකට අදාළව රුපියල් මිලියන 64ක් වටිනා භාණ්ඩවල මිල අඩුවෙන් දක්වා ඇත. එමඟින් රුපියල් මිලියන 15ක බදු ආදායමක් පැහැර හැරීමට උත්සාහ දැරූ එකී සමාගමට විමර්ශනය අවසානයේ වංචා කිරීමට උත්සහ කළ තීරු බදු වටිනාකමට රුපියල් මිලියන 0.5 ක ලිහිල් කරන ලද අහිමි කිරීමක්ද අඩුවෙන් දැක්වූ භාණ්ඩ වටිනාකම සඳහා රුපියල් මිලියන 19ක අහිමි කිරීමක්ද පමණක් පැනවීමට කටයුතු කර තිබේ. එය අදාළ සමාගම සිදු කරන ලද වරදට සාපේක්ෂව විශාල ලිහිල් කිරීමක් බව විගණනය සඳහන් කරයි.

2023 වර්ෂය තුළ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2,204 දෙනකු සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන තහවුරු කිරීමේ සාක්ෂිය වන ඇඟිලි සලකුණු යන්ත්‍ර වාර්තා විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා රුපියල් මිලියන 996ක් වූ අතිකාල ගෙවීම්වල නිවැරදිතාව විගණනයේදී තහවුරු කර ගැනීමට නොහැකි වූ බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...