spot_img
spot_img

නව ව්‍යවස්ථාවක් ඉක්මනින් අවශ්‍යයි

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදු කරන ලද දූෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යන්ත්‍රණයක් බිහිකිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ කොළඹ අගරදගරු හිමිපාණන් අතර හමුවක් පෙරේදා (05) පස්වරුවේ පැවැති අතර ඉන් අනතුරුව කාදිනල් හිමිපාණන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළහ.

පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ සැබෑ තොරතුරු හෙළිදරව් කර ගැනීම හුඟාක් වැදගත්. කවුද මේක කළේ, කුමන කාරණාවකට මෙය කළේ යන්න සොයා බැලිය යුතුය.

කාගේ සහයෙන් ද මේක කළේ කියන එක සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළ යුතුයි. ලංකාව තුළ පසුගිය කාලයේදී මේවාගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. මිනීමැරුම්, අතුරුදන් කිරීම් ආදි හුඟාක් දේවල්වලට නිසි විමර්ශනයක් සිදු වෙලා නෑ හරියාකාරව. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කරන ලද නොයෙකුත් දූෂිත ක්‍රියාවන් සියල්ල විමර්ශනය කරන්න අවශ්‍ය යන්ත්‍රණය දැනට සකස් කරන්න කියන එක තමා අපේ ඉල්ලීම. එයට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස සිදුකිරීම අවශ්‍යයි. දැනට පවතින ව්‍යවස්ථාව තුළ තියෙන නොයෙකුත් දුර්වලකම් ජයගැනීමට නව ව්‍යවස්ථාවක් තිබිය යුතුයි. එය කරයි කියන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...