spot_img
spot_img

දකුණු පළාත් සභාවේ වාහන යතුරුපැදි 201ක් අතුරුදන්

දකුණු පළාත් සභාවේ ආයතන නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබුණු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබූ වාහන සහ යතුරුපැදි 178ක් හා ආයතන විසින් ඉදිරිපත් කර තිබූ වාහන ලැයිස්තුවල සඳහන් වාහන 07ක් සහ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර තිබූ වාහන හා යතුරුපැදි 04ක් ඒ අතර වෙයි. එයින් දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් නමින් ලියාපදිංචි යතුරුපැදි තිහක් වෙනුවෙන් අවස්ථා කිහිපයක දී නිදහස් ආදායම් බලපත්‍ර ලබා දී තිබූ අතර වාහනවල අයිතිය හා භෞතික පැවැත්ම පිළිබඳ තහවුරු කර නොගෙන නිදහස් ආදායම් බලපත්‍ර ලබාගත්තේ කෙසේද යන්න විගණනයේ දී ගැටලුසහගත වූ බව ද වාර්තාවේ සඳහන් වෙයි. 2015 අගෝස්තු 25 දින දකුණු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන 10.5ක් වැය කර ලැප්ටොප් යන්ත්‍ර 51, ටැබ් යන්ත්‍ර 54ක් හා පරිගණක යන්ත්‍රයක් ලබා දී තිබුණි. 2019 අප්‍රේල් 10 දින සිට පළාත් සභාව විසුරුවා හැර තිබුණද 2023 දෙසැම්බර් 31 වන විටත් ඒවා ආපසු සභා ලේකම් කාර්යාලයට භාර දී නොතිබුණු අතර එදින දක්වාම ඒවා නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව ද එම වාර්තාවේ සඳහන් වෙයි. එසේම, දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වසර ගණනාවක් එක දිගට, එකම පුද්ගලයන් කිහිප දෙනෙක් පත්කිරීම කොමිෂන් සභා තීරණවල විනිවිදභාවය හා අපක්ෂපාතී බව කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බව ද විගණන වාර්තාව පෙන්වා දී තිබේ.

කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වයස අවුරුදු 78ක්ද, සාමාජිකයින් 5 දෙනෙක්ගේ වයස අවුරුදු 67- 77 අතර පරාසයන් තුළද පැවත තිබේ. ඒ අය අතුරින් කොමිෂන් සභා සාමාජිකයින් ලෙස ඔවුන්ගේ සේවා කාලය අවුරුදු 03 සිට 29 දක්වා වූ කාල පරාසයන් තුළ පැවතුණි. ඔවුන් අතරින් වයස අවුරුදු 77 සාමාජිකයා 1994 සිට වසර 29කුත්, අවුරුදු 78ක් වූ සාමාජිකයා 1997 සිට වසර 26කුත් වශයෙන් නොකඩවා කොමිෂන් සභාවට පත්ව ඇති බැවින් මෙය කොමිෂන් සභා තීරණවල විනිවිදභාවය අපක්ෂපාතී බව කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවට විගණනයට නිරීක්ෂණය වී ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...