spot_img
spot_img

සරසවි සිසුන් මුහුණ ෙදන අපහසුතා අවම කිරීමට කඩිනම් පියවර

විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය පැවසුවාය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමඟ ජනවාරි 02 වැනිදා පැවති සාකච්ඡාවකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මතු කළ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරිය මේ බව පැවැසුවාය.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ අධ්‍යාපනයට බලපාන සියලු පුරප්පාඩු පිළිබඳ සොයා බලා අවශ්‍ය පරිදි ඒවා සම්පූර්ණ කළ යුතු බවත්, පසුගිය වසරවල උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන නිසි පරිදි භාවිතයට ගෙන නැහැ. ඒ නිසා වාර්ෂික ඇස්තමේන්තු සැකසීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් මෙහිදී අගමැතිනිය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

Òවිදේශ ණය ආධාර යටතේ මේ රටට ලැබුණු මුදල්වලින් හරියට වැඩ කළානම් අපේ විශ්වවිද්‍යාල කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් තත්ත්වයට ගේන්න තිබුණා. නමුත් නිවැරැදිව අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ව්‍යාපෘති නිර්මාණය නොවීමෙන් සිදුව තිබෙන්නේ මුදල් නාස්තියක්. ඒ වගේම පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙනුත් නිසි ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට කොමිෂන් සභාව ලබා දෙන අනුමැතිය අවභාවිත කරමින් සමහර ආයතන කටයුතු කරනවාÓයැයි වැඩිදුරටත් අගමැතිනිය සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාලවල සිදුවන ස්ත්‍රි, පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසන පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේදී සහ උපාධිය ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදය නතර කිරීමට අවධානය යොමු විය යුතු බවත් අගමැතිනිය ‍ෙපන්වා දුන්නාය. සබරගමුව, පේරාදෙණිය ඇතුළු විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම, ශිෂ්‍ය සුබසාධනය, පුහුණු අවස්ථා නිසි පරිදි ලබාදීම මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටලු ගණනාවක්, උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ගේ අවධානයට යොමු කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති කපිල සෙනෙවිරත්න, උපසභාපති, ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...