spot_img
spot_img

වසර කිහිපයක් තුළ මෙරට කාන්තාවක් 200ක් මරා දැමු කුරිරු ඝාතකයෙක්

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූ කාන්තාවන් දෙසියයක් පසුගිය වසර කිහිපය තුළ සිය දිවි නසා ගෙන ඇති බව ජාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා මහත්මිය පවසයි. මෙරට පුද්ගලයන් ලක්ෂ විසි අටක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින අතර, එයින් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් වන බවත් ඇය අවධාරණය කළාය.

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සියයට 38 සිට 40 දක්වා අධික පොලී අනුපාත යටතේ ණය පහසුකම් සපයන අතර, ණය ගෙවා ගත නොහැකි කාන්තාවන් අදාළ ආයතනවල නියෝජිතයන්ගේ ලිංගික බලහත්කාරයට ගොදුරු වී සිටින බවත් හෂිනි සිල්වා මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

මෙම තත්ත්වය නිසා පවුල් අතර අසමගිය වර්ධනය වී දරුවන් අසරණ වී සිටින අතර, ඇතැම් කාන්තාවන් රට හැර ගෘහ සේවයට යෑමට පෙළඹී ඇති බවත් ඇය පවසයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව නිසා ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බරපතළ ආර්ථික පීඩනයට ලක්ව ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ආදායම් උත්පාදන අවස්ථා නොමැති අතර, ලියාපදිංචි බැංකුවලින් ණය ලබා ගැනීමට නොහැකි වීම නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගොදුරු වී ඇත. මෙම ආයතන විසින් සතියකට 20% සිට 30% දක්වා අධික පොලී අනුපාත අය කරන අතර, එමගින් කාන්තාවන් ණය බන්ධනයට පත් වී ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීම සඳහා රජය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති නමුත්, එය තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවට චෝදනා එල්ල වෙයි.

සමාජ ක්‍රියාකාරිකයින් හා සිවිල් සංවිධාන විසින් වසර ගණනාවක් පුරාවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව විධිමත් හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඉල්ලා සිටින අතර, අධික ණය කපා හැරීම හා පොලී සීමාවන් හඳුන්වාදීමට රජයේ මැදිහත්වීම අවධාරණය කරයි. මෙම ගැටලුව විසඳීම සඳහා කාලෝචිත හා ඵලදායී පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...