spot_img
spot_img

නව දිශාවකට රට ගෙන යන්න ප්‍රධාන ව්‍යාපෘති 03ක්

ඉදිරි වසර කිහිපය තුළදී රට නව දිශානතියකට ගෙන ඒම සඳහා ප්‍රධාන වැඩපිළිවෙළ තුනක් දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඒ යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය’, ‘රට ඩිජිටල්කරණ ව්‍යාපෘතිය’ සහ ‘ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ’ ඇතුළත් බව ඔහු පැවසුවා.

ශ්‍රී ලංකාව ආර්ථික, සමාජයීය, දේශපාලන, සංස්කෘතික යන සෑම අතින්ම ගොඩගැනීම සඳහා සහ පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා සදහන් කළා.

එය තනි අමාත්‍යාංශයට මෙහෙයවිය හැකි කටයුත්තක් නොවන බවත් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අමාත්‍යාංශ ගණනාවක් ඒකාබද්ධව කටයුතු කරන සංයුක්ත වැඩපිළිවෙළක් බවත් ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යනු රට පාරිසරිකව, සමාජයීයව, ආචාර ධාර්මිකව ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා විද්‍යානුකූලව සකස් කරන ලද වැඩපිළිවෙළක් බවද එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ස්වේච්ඡා සංවිධාන රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද එක්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...