spot_img
spot_img

මෙවර සංගණනයත් අසාර්ථකයි

රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින හෙයින් තොරතුරු යාවත්කාලීන කිරීම ඇතුළු ජනතා සේවාවන් සැලසීමේදී විශාල අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ. කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පසුගියදා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසුවේ නිවැරදි දත්ත හා තොරතුරු නොමැතිව රාජ්‍ය සේවය සාධනීය ලෙස ඉදිරියට පවත්වා ගෙන යා නොහැකි බවයි.

විශේෂයෙන්ම පසුගිය 18 වැනිදා එක්දින සංගණනයක් ලෙස මුළු රටේම එක් දිනක දත්ත එක්රැස් කළ යුතුව තිබුණු නමුත් මේ වන විටත් එම සංගණන කටයුතු අවසන් නොවීම නිසා දත්තයන්ගේ නිරවද්‍යතාව පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වනවා.

මෙවර ජන සංගණනය සඳහා 2019 වසරේ ආරම්භක කටයුතුවල සිට මේ දක්වා රුපියල් කෝටි 400ක වැයක් දරන්නට සිදුව ඇත.

සංගණනයේ අදියර ලෙස සිතියම් සකස් කිරීම, ලැයිස්තුගත කිරීම, ගණන් ගැනීම හා සංශෝධන වටය ලෙස අදියර 4කින් සකස් කළ යුතු වුවත් එවැන්නක් සිදුව නැති අතර එම නිසා දත්ත පිළිබඳ විශාල ගැටලුවක් මතුව ඇතැයිද වාර්තා වේ.

2012 සිදු කළ අවසන් සංගණනයේදී සියලු සේවකයන්ට දිනක අඩ නිවාඩු ලබා දී සංගණන කටයුතු සිදු කළද මෙවර ඒ ක්‍රමවේදය අනුගමනය කර නැත.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල සංගණන කටයුතු අවසන්ව නොමැති අතර, එම කටයුතු තවමත් සිදුවෙමින් පවතී. මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයේ සංගණන කටයුතු අවසන් කර ඇත්තේ 68% ක් පමණකි. ගම්පහ දිස්ත්‍රික්කයේ සංගණන කටයුතු අවසන් කර ඇත්තේද 90% ක් පමණි.

සංගණන කටයුතු මෙන්ම වී අස්වනු සම්බන්ධවද සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිවැරැදි දත්තයන් ලබා නොදීම හේතුවෙන් අවශ්‍ය ගබඩා පහසුකම් නිසි පරිදි ලබා දීමට නොහැකි වීම මෙන්ම තොග රැස්කර තබා ගැනීමට නොහැකි වීම වැනි විශාල ගැටලු රැසක් මතුව තිබෙන බව වාර්තා වෙයි. වත්මන් සහල් හිඟයටද එම සංඛ්‍යා ලේඛන නිසි පරිදි ලබා නොදීම ප්‍රධාන හේතුවක්ව ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමේදී ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න පැවැසුවේ දිස්ත්‍රික්ක 23 ක තොරතුරු රැස් කිරීම අවසන් වූ බවත්, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල සංගණනය සංකීර්ණ වීම හා නිලධාරීන් සොයා ගැනීමේ අපහසුතාව, නිවෙස් හිමියන් නිවෙස්වල නොසිටීම ආදී ප්‍රායෝගික ගැටලු නිසා සංගණන කටයුතු අවසන් කරන්නට නොහැකි වූ බවයි.

ජන සංගණනයට ක්‍රමවේද දෙකක් ඇති බවත් මෙවර තොරතුරු රැස්කිරීම සිදු කළේ De – jure හෙවත් සාමාන්‍ය පදිංචිය මත පදනම්ව සිදුකරන ක්‍රමවේදය මත බවයි.

එසේම වී නිෂ්පාදනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිවැරදි දත්ත නොලැබීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසා සිටියේ වගා බිම් ප්‍රමාණය සම්බන්ධ කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධනය හා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවල පවතින පරස්පරතා ඊට හේතුවන බවයි.

සිළුමිණට අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර යොමුකළ අදාළ බලධාරියා පැවැසුවේ මේ වන විට සංගණන කටයුතු 64%ක් අවසන් කර ඇති බවයි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ පැවසුවේ. සංගණන කටයුතු 90%ක් අවසන් කර ඇති බවයි. කළුතර දිස්ත්‍රික් ලේකම් ජී.එම්. ජනක කේ. ගුණවර්ධන පැවසුවේ මේ වන විට සංගණන කටයුතු අවසන් කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...