spot_img
spot_img

රනිල් වික්‍රමසිංහගෙ UNP මැතිවරන රැස්වීම් වලට සෙනග එන්නෙ නැති නිසාම තරුණ සේවා සභාවෙ සල්ලි කෝටි 32 කින් හරීන් ප්‍රනන්දු රට පුරම දැවන්ත සංගීත සංදර්ශන පවත්වලා

ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර තිබේ.

ජාතික තරුණ සේවා සභාවේ දැක්ම වන්නේ ‘බලසතු වූ ශ්‍රී ලාංකික තරුණයෙක්‘ වන අතර එහි මෙහෙවර ලෙස දක්වා ඇත්තේ ‘දේශීය හා ජාත්‍යන්තර අවස්ථා උපයෝගී කොටගෙන ජීවිත සඳහා අභියෝග සඳහා මුහුණ දීමට ශ්‍රී ලාංකේය තරුණයා සවිබල ගැන්වීම සඳහා පහසුකම් සැපයීමයි.’

මීට අමතරව එහි පළමු අරමුණ ලෙස දක්වා ඇත්තේ ‘ජාතික හැඟීම් පිළිබඳ උද්‍යෝගයක්, විනය පිළිබඳ හැඟීමක්, සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳ අවබෝධයක් සහ ශ්‍රමාභිමානය පිළිබඳ හැඟීමක් තරුණයන් අතර පෝෂණය කිරීමයි. එමෙන්ම ‘ජාතික සංවර්ධන යෝජනා ක්‍රමයන්හි තරුණයන්ගේ සහභාගිත්වය ඇති කර ගැනීම’ දෙවැන්න ලෙස දක්වා ඇත.

එවන් උදාර මෙහෙවරක් කරා තරුණයන්ට මඟ පෙන්වන ආයතනයක රුපියල් ලක්ෂ 3234ක් (මිලියන 323ක්) වැය කර සංගීත සංදර්ශන පවත්වා ජාතික තරුණ සේවා සභාවේ ධනය වැය කිරීම පිළිබඳව මේ වන විට විගණන විමසුම් පවා එවා ඇත.

මෙසේ වැය කළ මුදල් අතුරින් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය මහජන ක්‍රීඩාංගණයේ පැවැති පැවැති සංදර්ශනයට රුපියල් 64,986,789ක් ද බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 20,179,185ක්ද වැය කර ඇත.

එමෙන්ම මහරගම තරුණ මධ්‍යස්ථානයේ සංදර්ශනයට රුපියල් 16,667,851ක් ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 31,417,778ක් අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 9,491,477ක් හා කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පැවැති සංදර්ශනයට රුපියල් 68,105,908ක්ද වැය කර තිබේ.

එමෙන්ම පුත්තලම වෙරළ තීර ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 14,834,651ක් දඹුල්ලේ පැවැති සංදර්ශනයට රුපියල් 15,289,150ක් යාපනය මුත්තවේලි ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 39,037,339ක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 234,592ක්ද හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 14,830,835ක් ද වැය කර තිබේ.

මීට අමතරව කොළඹ ඛෙත්තාරාමයේ පැවැති සංදර්ශනයට රුපියල්13,685,800ක්ද කොළඹ තුරග තරඟ පිටියේ පැවැති සංදර්ශනයට රුපියල් 14,571,192ක් ද වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ පැවැති සංදර්ශනයට රුපියල් 60,700ක්ද වැය කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ඇතැම් සංදර්ශන සඳහා අතිවිශාල මුදල් ඇස්තමේන්තු කර තිබීමය.

උදාහරණ වශයෙන් යාපනයේ පැවැති සංදර්ශනයට රුපියල් ලක්ෂ 491ක් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළද වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 390ක් පමණි. එමෙන්ම හැටන් සංදර්ශනයට රුපියල් ලක්ෂ 109ක් ඇස්තමේන්තු කළද වැය වී ඇත්තේ රුපියල් 234,592ක් පමණි. එමෙන්ම වැලිසර සංදර්ශනයට රුපියල් ලක්ෂ 421ක් ඇස්තමේන්තු කළද වැය වී ඇත්තේ රුපියල් 60,700ක් පමණි.

මේ සම්බන්ධයෙන් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකරගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ මේ කරුණු සියල්ල සත්‍ය බවත් තමාටද එම තොරතුරු ලැබී ඇති බවයි. එසේම ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් විගණන විමසුම් පවා මේ වන විට ලැබී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම හිඟුරක්ගොඩ මහජන ක්‍රීඩංගණයේ පැවැති සංදර්ශනයට ලක්ෂ 151ක් වැය කළද ඊට කිසිදු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ බවට කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බවට විගණන විමසුමක් 2024.09.25 දින එවා ඇති බවද ඔහු පැවසුවේය.

එහිදී ප්‍රසම්පාදන ක්‍රම නිසි ලෙස අනුගමනය නොකිරීම මෙන්ම මූල්‍ය බලතල සීමා ඉක්මවා වැය බර දැරීම ඇතුළු මතභේද රැසක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බවද ඔහු පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...