Ceylon Monik- ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ශේත්‍රයේ නවතම සම්ප්‍රාප්තිය
මොනික් සමාගම් ජාලයේ තිරසාර පදනම ලෙස,ශ්‍රී ලාංකික මූල්‍ය ක්ශේත්‍රයට එඩිතරව පැමිණි සිලෝන් මොනික් හි සම්ප්‍රාප්තිය පසුගිය දෙසැම්බර් 29 දින කුරුණෑගල ද එපිටොම් හෝටල් පරිශ්‍රයේදී සියළු සේවකයන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
ජාතික නිවාස කොමසාරිස්,ජේශ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා සහ එල් සී බී ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිළධාරී කේ ජී ලීලානන්ද මහතා යන අය ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිණි අතර මොනික් සමූහයේ කළමණාකාර අධ්යක්ෂ දේශමාන්‍ය වාසල මධුවන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත් වුණි.
මූල්‍ය ක්ශේත්‍රයේ විප්ලවීය වෙනසක් සමගින් නිවාස මූල්‍ය හා ආයෝජන අවස්ථා,විවිධ තැන්පතු,රථවාහන ණය,විවිධ ණය සේවාවන් ,රණ් ණය අතුළු අනෙකුත් සියළු මූල්‍ය කටයුතු ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීම අරමුණු කරගෙන සිලෝන් මොනික් සන්නාමය නව්‍යකරණයේ සහ විශ්වසනීයත්වයේ ආලෝකයක් ලෙස මූල්‍ය ක්ෂේත්රයට පිවිසෙයි.
මොනික් වෝල්ටන්-මූල්‍ය ක්ශේත්‍රයෙන් ඔබ්බට ලොව අද්විතීය විදුලි උපකරණ ශ්‍රී ලංකීය වෙළඳපොළට
ශ්‍රී ලාංකික ජන ජීවිත වලට ගැළපෙන තත්වයෙන් උසස් නිෂ්පාදන පෙළක් මොනික් සන්නාමය යටතේ තිළිණ කරමින් අතිවිශිෂ්ඨ ගමනක ආරම්භයද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.එමෙන්ම බංගලාදේශයේ සිට යුරෝපය,ආසියාව,බටහිර අප්‍රිකාව ඇතුළු රටවල් 40කට අපනයන සිදුකරන ගෘහ විදුලි උපකරණ ලොවේ සුපතල සන්නාමය වන වෝලටන් නිපයුම් ශ්‍රී ලාංකික වෙළඳපොළට නිකුත් කිරීමත් නිල වශයෙන් එහිදී සිදු විය.
මොනික් සමාගම් ජාලයෙහි සියළුම සේවක සේවිකාවන් සහභාගී වූ මේ අවස්ථාවේ දී, දක්ෂ සේවක මණ්ඩලය සම්මානයෙන් අභිශේක ගැන්වීම,ත්‍යාග සහ උසස් වීම් ලබා දීම මෙන්ම වාහන ත්‍යාග ලබාදීමද කැපී පෙනුනි.




