spot_img
spot_img

අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයකට බද්ද දිගටම

සහල්, පරිප්පු, සුදුලූණු, අර්තාපල්, ලොකු ලූණු, පොල්තෙල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ 63 ක් සදහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම පවත්වා ගැනිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

මීට පෙර දෙසැම්බර් 31 වැනිදා දක්වා අදාළ බදු ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඒවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට අදාළව 2417/20 දරණ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව පැවති බදු අනුප්‍රමාණ එලෙසින්ම පවත්වා ගැනීම තුළින් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල ඉහළයාමක් සිදු නොවනු ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි .

එසේම, දේශීය කෘෂි සහ ධීවර කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ යටතේ ක්‍රියාත්මක කරන ලද බදු අනුප්‍රමාණ ද වෙනස් නොවනු ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...