spot_img
spot_img

ආණ්ඩුවෙන් වෘතීය සංගම් වලට අතුල් පහරක්

පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර මහතා පවසන්නේ, වත්මන් ආණ්ඩුව වෘත්තිය සමිති ක්‍ෂේත්‍රයේ දේශපාලන පලිගැනීම් ආරම්භ කර ඇති බවයි.

ආණ්ඩුව විසින්, රාජ්‍ය ඉන්ජිනේරු නිර්මාණ නීතිගත සංස්ථාව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම වෘත්තිය ශාඛා සමිති නායකයන් අහේතුකව ස්ථාන මාරු කර ඇති බවත් ඉදිරියේදී ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවත් ලේකම්වරයා පවසයි.

එමෙන්ම තවත් ආයතන බොහොමයක කාර්යාල පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයට වෘත්තිය සමිති කාර්යාල වසා දමා ඇති බව ත් මේ ප්‍රශ්න නීති හමුවට නොගොස් විසඳා ගැනීමට තවමත් උත්සාහ කරන බව ලේකම්වරයා පැවසීය.

වෘත්තිය සමිතිවලට සවන් දෙන ආණ්ඩුවක් නම් දැන්ම එම පියවර නතර කර සාකච්ඡාවට කැප විය යුතු අතර එවැනි ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට වෘත්තිය සමිති ද සූදානම් බව ලේකම්වරයා අවධාරණය කළේය.

පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය යනු ගැටුම් ඇති කරගැනීමට කැමති වෘත්තීය සමිතියක් නොවන අතර වත්මන් ආණ්ඩුවේ තනතුරුවලට පත් වෘත්තිය සමිති නායකයන් ඒ බව හොඳින් ම දන්නේ යැයි ඔහු අවධාරණය කළේය.

ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ, ළදරු ආණ්ඩුවක් වුවද වෘත්තිය සමිති මර්දනයට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව වෘත්තිය සමිති පියවරට යෑමට වුව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පසුබට නොවන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...