spot_img
spot_img

ගිනි අවි බෝම්බ නැති නවීන පන්නයේ පාතාලයක් – මරණය තැපෑලෙන්

පසුගිය දෙසැම්බර් 20 වනදා පස්වරුවේ දී, දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ එන්නත් කර ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රෝහල්ගත්ව ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව තත්වය බරපතළ වීම හේතුවෙන් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඇය දින 4ක් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) සවස මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, නාදුනන පුද්ගලයෙකු නිවසට පැමිණ ඇයට යම් විෂක් එන්නත් කර පලාගොස් ඇති බවත් ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවයි.

දික්වැල්ල පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ නිවස අසල පිහිටි CCTV කැමරාවක දර්ශන පරීක්ෂා කර තිබූ අතර එහිදී කිසියම් පුද්ගලයෙකු අදාළ කාන්තාව හමුවීමට පැමිණ නිවසට ඇතුළුවන ආකාරය එහි සටහන්ව තිබෙනවා.

මද වේලාවකින් නාඳුනන පුද්ගලයා සහ අදාළ කාන්තාව නිවස දෙසින් කලබලයෙන් පිටතට පැමිණෙන අතර කාන්තාව සිය ගෙල ප්‍රදේශය අල්ලාගෙන පාර මාරුවී අසල පිහිටි ඥාති නිවසකට දිවයන අතර විෂ එන්නත් කළ බව පැවසෙන පුද්ගලයා යතුරුපැදියෙන් පලායන ආකාරය එම දර්ශනවල ඇතුළත්.

කෙසේවෙතත් අදාළ කාන්තාවට විෂ එන්නත් කළ බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට ඊයේ (25) ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර මියගිය කාන්තාවගේ රුධිර සාම්පල රස පරීක්ෂක වාර්තා ලබාගැනීම සඳහා යොමුකර ඇති බව මාතර මහ රෝහල පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...