spot_img
spot_img

කෝටි 149ක් නාස්ති කර අනවශ්‍ය අයටත් ප්‍රභූ ආරක්ෂාව දීලා – සියල්ල එළියට

ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යටතේ තිබෙන පොලිස් කොට්ඨාස 09ක් සදහා 2022 ජනවාරි (01) දිනට අනුයුක්ත කර සිටි 3,884ක් වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 2023 ජනවාරි (01) දිනට 4,859ක් දක්වා වැඩිකර තිබූ බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඒ නිසාම පසුගිය 2018 වසරේ සිට 2022 දක්වා රුපියල් මිලියන 4,342ක් වූ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ සාමාන්‍ය වාර්ෂික වියදම 2023 වර්ෂයේදී රුපියල් මිලියන 5,833ක් දක්වා වැඩි වී තිබුණ බවද විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

එම මුදල් ප්‍රමාණය 2022 වසරට සාපේක්ෂව 2023 රුපියල් මිලියන 1,491ක වර්ධනයක් බවත් 50% කට ආසන්න නිලධාරි හිගයක් පවතිද්දී ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් අනවශ්‍ය ලෙස පොලිස් නිලධාරීන් අනුයුක්ත කර නාස්තිකාර වැය බරක් දැරීම විශාල ජාතික අපරාධයක් බව පොලිස් දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ආරක්ෂාව සැලසීමට අදාළ පොලිස්පතිවරයාගේ 2020 සැප්තැම්බර් (30) දිනැති 2687/2020 චක්‍ර ලේඛයට පටහැනිව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රභූ ආරක්ෂාව සදහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව මගින් 2023 වර්ෂය තුළ අදාළ නිලයේ නොමැති හා වෙනත් අය සදහා ද ප්‍රභූ ආරක්ෂාව සලසා තිබූ බවද අදාළ විගණන වාර්තාවේ සදහන් වේ.

ප්‍රභූ ආරක්ෂාව සැලසිය හැකි පුද්ගලයන්ට අනුමත සීමාව ඉක්මවා වසර ගණනාවක් ප්‍රභූ ආරක්ෂකයන් අඛණ්ඩව අනුයුක්ත කර තිබූ බවත් ඒ වෙනුවෙන් වූ නෛතික ප්‍රතිපාදන විගණනයේදී අනාවරණය නොවූ බවත් විගණන වාර්තාවේ සදහන් වේ.

1865 අංක 16 දරන පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අනුව 2014 දී සංශෝධය කළ යුතු ක්ෂේත්‍ර 16ක් හඳුනාගෙන තිබූ බවත් ඒ සදහා 2014 නොවැම්බර් (19) වැනිදා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන බවත් අදාළ විගණන වාර්තාවේ සදහන්.

වසර 149ක් පැරැණි පොලිස් ආඥා පනත වර්තමාන හා අනාගත සමාජීය හා තාක්ෂණික සංවර්ධන අවශ්‍යතාවයට ගැළපෙන පරිදි යාවත්කාලීන කර සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබුණ ද 2024 අප්‍රේල් මාසය වන විටත් පනත සංශෝධනය වී නැති බවද විගණන වාර්තාවේ සදහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...