spot_img
spot_img

ජාතික රූපවාහිනියේ සභාපති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවට වර්තවනවා.

ඒ මහතා මෙම තනතුරට පත්ව ගතවී තිබුණේ මාස තුනක් පමණි. එහෙයින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ විවිධ කටකතා සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ආකාරයක් ද දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කරමින් සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පවසන්නේ තමන් එම තනතුර භාරගත්තේ කෙටි කාලයක් සඳහා පමණක් බවයි.

එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීමක් අනුව නව වසරේදී තවත් ජාතික මට්ටමේ තනතුරකට තමන් පත්වන බවයි සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ.

සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියේ විද්‍යාර්ථියෙක්.

ජනසන්නිවේදනය විෂය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති ඔහු ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත් කරනු ලැබූ අතර ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා ඔහු අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් ලබා ගත්තා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...