spot_img
spot_img

මේ අවුරුද්දේ සංචාරකයන් ලක්ෂ 19කට වඩා ඇවිත්

කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් සංචාරක ආකර්ෂණයක් දිනා සිටින ශ්‍රී ලංකාවට මේ වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ ලක්ෂ 19කට වැඩි විදෙස් සංචාරක පිරිසක් පැමිණ තිබෙනවා.
ඒ අනුව මේ වසරේ ජනවාරි 1 දා සිට මේ මස 15 දා තෙක් විදෙස් සංචාරකයන් 1,901,988ක් පැමිණ තිබෙන අතර, එය පසුගිය වර්ෂයට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.

පසුගිය 2023දී විදෙස් සංචාරකයන් 1,487,303 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ඊට පෙර වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ 2018දී බවද එම සංඛ්‍යාව 2,333,796ක් බවද එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරනවා. මේ මස මුල් දින 15ක කාලයේදී පමණක් 97,115 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර, ඒ අතුරින් 21,174ක වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඊට අමතරව රුසියාවෙන් 13,762ක්ද, එක්සත් රාජධානියෙන් 7,417ක් සහ ජර්මනියෙන් 6,574ක් ලෙස මෙරටට පැමිණ තිබෙන අතර, ඔස්ට්‍රේලියාවෙන් පැමිණි සංඛ්‍යාව 5,198ක්.

මේ අතර එම දින 15ක කාලයේදී චීනයෙන් 5,598ක්, එක්සත් ජනපදයෙන් 2,922ක් පෝලන්තයෙන් 2,798ක් ප්‍රංශයෙන් 2,243ක් බංග්ලාදේශයෙන් 2,120ක් ලෙස විදෙස් සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මේ වසරේ සෑම මසකම ලක්ෂයට වැඩි සංචාරක පිරිසක් මෙරටට පැමිණ තිබෙන අතර, වැඩිම සංචාරක පිරිසක් මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණ ඇත. එම සංඛ්‍යාව 218,350ක්.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...