spot_img
spot_img

පොල් හිඟයට හේතුව අධික උණුසුම – රුහුණු සරසවියෙන් අනාවරණයක්

මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා.

එමෙන්ම මෙරට වාර්ෂිකව වගාකරන පොල් පැළ ප්‍රමාණය ලක්ෂ 70කින් පමණ අඩුවීමද මීට හේතුවී ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

“කෙටි කාලයක් ඇතුළත පොල් හිඟ වෙන්න නම් රිළා ගහනය ක්ෂණිකව වැඩි වුණාද කියලා සලකා බලන්න වෙනවා. පැහැදිලි දේ තමයි එහෙම ක්ෂණික වැඩිවීමක් වුණේ නැහැ. නමුත් කාලයක් තිස්සේ මේ සතුන්ගේ ගහනය වැඩි වෙනවා. මාර්තු සිට ජුනි දක්වා රට තුළ උෂ්ණත්වයේ අධික ඉහළ යෑම සහ පොල් ගෙඩි හටගැනීම විශාල වශයෙන් අඩුවීම සිදුවෙලා තිබෙනවා. පොල් ගහකට සුදුසුම උෂ්ණත්වය වන්නේ centigrade 27,28 වගේ උෂ්ණත්වයක්. නමුත් මේක centigrade 33ට වඩා ඉහළට යනකොට පොල්ගස්වල පරාගණය අඩුවෙලා ඵල හටගැනීම අඩු වෙනවා.”

අප කළ විමසීමකදී ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසුවේ, ලෝකයේ වැඩිම පොල් පරිභෝජනයක් සහිත රට ශ්‍රී ලංකාව වන අතර පුද්ගලයෙකු වසරකට පොල්ගෙඩි 114ක් පරිභෝජනය කරන බවයි.

ඉදිරියේදී ඇතිවිය හැකි පොල් හිඟය අවම කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැහැදිලි කලා.

“කෙටි කාලීන පියවරක් ලෙස සත්ව ගහනය පාලකය කරන්නම වෙනවා. ඒ වගේම දැනට තිබෙන පොල් අස්වැන්න වැඩි කරන්න පුළුවන් පියවර අපි ගන්න ඕනේ. අනාගතය දිහා බලලා පොල් පැල සිටුවීම වැඩි කරන්න ඕනේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...