spot_img
spot_img

තවත් සමාගම් අටක මත්පැන් බලපත්‍ර අත්හිටුවයි

හිඟ බදු නොගෙවන ලද මත්පැන් සමාගම් අටක නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවා ඇති බවත් ඔවුන්ගේ දේපළ විකුණා මුදල් අයකර ගැනීමට සුරා බදු පනතෙන් හැකියාව ලැබෙන්නේ නම් රජය එය ද කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස සදහන් කරනවා.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් ආයතන තුනක්, වයඹ ඩිස්ටිලරිස්, මැකලම් බබෲවරි පුද්ගලික සමාගම, ග්ලෝබ් බිලෙන්ඩර්ස් ලංකා සමාගම, කළුතර සමුපකාර සමිතිය සහ වයඹ ස්ටොරේප් කප්ලෙක්ස් සමාගම එම බදු ගෙවීම පැහැර හැරි ආයතන වනවා.

වයඹ ඩිස්ටලරිස්, මැකලම් බෲවරි පුද්ගලික සමාගම් වලින් බදු අය කර ගැනීම සිදුවද්දී සුරා බදු දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා ඇති බවත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් ආයතන තුන පමණක් රුපියල් කෝටි 580 ක හිඟ බදු ගෙවා නැති බවද අමාත්‍යවරයා සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...