spot_img
spot_img

අතුරුදහන් නාඩු වී තොග හොයන්න එපා – ඒ වී සහල් කරලා බියර් හදන්න විකුණලත් ඉවරයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රජයට ඉදිරිපත් කරන දත්ත වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත් භූමියේ දත්ත වාර්තා අනුව මේ වනවිට නාඩු සහල් කිලෝ ලක්ෂ 08ක් නොව, ලක්ෂ 18ක අතිරික්තයෙක් රට තුළ තිබිය යුතු නමුත් ඉන් අති විශාල කොටසක් සහල් ව්‍යාපාරයේ සිටින ප්‍රධානම පුද්ගලයින් කීප දෙනෙක් නීතියට වංගු දමා බියර් නිශ්පාදනය සඳහා වැඩි මිලට විකුණා ඇති බවත් ලංකාවේ ප්‍රමුඛතම සහල් මෝල් හිමියෙක්වන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසා තිබෙනවා.

ඔහු මේ බව පවසන්නේ රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති වැඩසටහනට එක් වෙමින්.

එහිදී ඔහු ප්‍රකාශ කරන්නේ, වෙළෙඳපලේ මිලට වඩා ඉතා විශාල මිලකට බියර් කොම්පැනි කාරයින් විසින් සංඛ්‍යලේඛණවල පෙන්වන අතිරික්ත වී තොගය සහල් කර මේ වනවිට අලෙවි කර අවසන් බවයි.

එමෙන්ම සත්ත්ව ආහාර ලෙස ප්‍රධාන වශයෙන් කුකුළු කෑමටත් සහල් පිටි කර අලෙවි කරන ව්‍යාපාරවලට සහල් පිටි කිරීම සඳහාත් සංචිතයක් සේ පෙන්වන සහල් වලින් සැලකිය යුතු ප්‍රතිශයත් මේ වනවිට අලෙවි කර අවසන් බවත් ඔහු ඔහු එහිදී හෙළි කර තිබෙනවා.

මේ අතර සත්ව ආහාර සඳහා අවශ්‍ය දේශීය බඩඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හා බඩඉරිඟු ආනයනයට මුදල් නොමැතිවීම හේතුවෙන් කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය පහත වැටීම වළක්වා ගැනීම සඳහා සත්ව ආහාර නිෂ්පාදනයට සහල් යොදා ගැනීමට පසුගිය රජය තීරණය කරනු ලැබූ බවත්, ඒ අනුව සත්ත්ව ආහාර සඳහා ද සැලකිය යුතු ප්‍රමාණයක් සහල් නිශ්පාදනයක් වැය වී ඇති බවත් ඩඩ්ලි සිරිසේන මෙහිදී සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...