සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ 2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බවයි.එයින් වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර, එම ප්‍රමාණය 110ක් බව ඔහු පැවසුවා.
එයට අමතරව දකුණු පළාතට බලපත්‍ර 48ක්, උතුරට 32ක්, නැගෙනහිරට 22ක්, මධ්‍යමට 45ක්, උතුරු මැදට 14ක්, වයඹට 30ක්, ඌව හා සබරගමුවට 30 බැගින් මෙම බලපත්‍ර ලබාදී ඇති බව සදහන් කළා.
මෙම ලබාදුන් බලපත්‍රවලින් 172ක් ලබාදී ඇත්තේ මත්පැන් සිල්ලරට විකිණීම (වයින් ස්ටෝස්) හෙවත් FL- 4 කාණ්ඩය යටතේ ලබාදෙන බලපත්‍ර බව ද ඒ පෙන්වා දුන්නා.
කෙසේ වෙතත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සභානායක බිමල් රත්නායක මහතා,
“මේ බලපත්‍ර දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් බව පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමතියි..”





