spot_img
spot_img

ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීමේ යටි අරමුණක් ද මානසික අවුලක්ද – තවම දන්නේ නැහැ

අයිලන්ඩ් පුවත්පත වාර්තා කර ඇති පරිදි පසුගියදා වඩාත් ආන්දෝලනයට ලක්වූ සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති විරෝධතාවේදී කලහකාරී ලෙස පිහියක් තබාගෙන පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකර පසුව පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු බවට වාර්තා වනවා.

අයිලන්ඩ් පුවත්පත මෙම වාර්තාව පලකර ඇත්තේ පොලිස් ආරංචි මාර්ග පදනම් කරගනිමින් බව සඳහන්.

දෙසැම්බර් 02 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුරදී කලහකාරී ලෙස හැසිරුණු අදාළ පුද්ගලයා පසුව විරෝධතාකරුවන් විසින්ම පොලීසියට භාරදුන් අතර එම පුද්ගලයා හමුදා බුද්ධි අංශවල බවට පසුව හඳුනාගත් බව එම වාර්තාවේ සඳහන්ය.

විරෝධතාව මැඩපැවැත්වීමට එම ස්ථානයට යොමු කරන ලද පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල කරමින්, ඔහු එහිදී හැසිරී තිබූ අතර එහිදී උප පොලිස් ප්‍රරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

කෙසේවෙතත් මෙම පුවත සම්බන්ධයෙන් පොලීසිය, හමුදා බුද්ධි අංශ හෝ රජය පාර්ශවයෙන් නිල පැහැදිලිකිරීමක් සිදුකර නැහැ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...