රතු කැකුළු හාල්වලට නමක් දරා සිටි අම්බලන්තොට ප්‍රදේශයේත් මේ දිනවල හාල් නොමැතිකමින් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
යළ මහ දෙකන්නයේ සාර්ථකව වී වගාව සිදුකරනු ලබන රිදියගම හා ලියන්ගස්තොට ව්‍යාපාරයත් මහවැලි ව්‍යාපාරයේ කුඹුරු වගාකරන මෙම ප්‍ර දේශයේ එක් කන්නයක් අවසන් වී ඊළඟ කන්නය එනතෙක් අවශ්‍ය වී ප්‍රමානයන් සහල් බවට පත්කර පාරිභෝගිකයන්ට මෙතෙක් කල් ලබා ගැනිමට හැකිවුව ද මෙවර ඉතිහාසයේ කවරදාක් වත් නැති ලෙස හාල් හිඟයක් ඇති වි තිබෙන බව අම්බලන්තොට පාරිභෝගිකයෝ පවසනවා.
පසුගිය කාලයේ ආසන්නයේම කිසිම වගා කන්නයක් පාළු නොවූ බවද, වී අස්වනු සාර්ථකව තිබු අතර එම වි වලට කුමක් සිදු විදැයි පාරිභෝගිකයෝ පවසති.
අම්බලන්තොට නගරය හා ඒ අවට හාල් මෝල් වී නොමැතිකම මත වසා දමා තිබේ. හාල් වෙළඳ සැල්ද හාල් නැතිකමින් වසා දමා ඇත. හාල් කිලෝවක් මිලදි ගැනිමට ජනතාවට තැනින් තැන ඇවිදයෑමට සිදුව තිබේ. කුඩා වි ප්‍රමානයක් රැගෙන එන පුද්ගලයකු වී මෝලකට පැමිණෙන තෙක් හාල් කිලෝවක් මිලදි ගැනිමට එම මෝල අසල පාරිභෝගිකෙන්ට සිටිමට සිදුවනු ඇති.




