spot_img
spot_img

තවම බැරි වුනාද?.. බය වෙන්න එපා අදම යන්න – සරම්ප එන්නත ලබාගන්න

සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් සති 2කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය මස 9 වැනිදා සිට සරම්ප එන්නත පුද්ගලයින් 25,000කට පමණ ලබාදී ඇති බවයි, වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා පැවසුවේ.

තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යොමුවීමෙන් එන්නත් ලබාදෙන ස්ථාන පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවද ඔහු පැවසුවා.

මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන එම ඒකකයෙන් ජනතාවට, සරම්ප ඇතුළු වසංගත රෝග පිළිබද තොරතුරු විමසීමට හැකියාව තිබෙනවා.
011 – 744 65 13 , 011-768 27 22, 011- 768 28 72 හෝ 011- 768 26 62 දුරකථන අංක ඔස්සේ ඒ පිලිබද තොරතුරු විමසිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...