spot_img
spot_img

පාර්ලිමේන්තු ආහාර මිල වැඩිවිය යුතුයි

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආපන ශාලාවේ ආහාර කිසිම දිනක ලබා නොගන්නා බව හෝ රජය වාහන ලබා ගන්නා බව ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කිසිම දිනක ප්‍රකාශ කර නැතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවෙන් දෙන ආහාර වෙල් ලබාදිය යුත්තේ සාමාන්‍ය වෙළඳපොළේ පවතින මිල ගණන් යටතේ බව තමන් පාර්ලිමේන්තුවට පැමිණි පළමු දින සිට ප්‍රකාශ කර සිටි බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල් ලබා නොගන්නා බවත් නිල වාහන ලබා ගන්නා බවත් ප්‍රකාශ කර ඇති බවට ඇතැම් පාර්ශ්ව ඒත්තු ගැන්වීමට උත්සාහ කරණ බවද ඔහු ප්‍රකාශ කළා.

කිසිම දිනක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එවැනි ප්‍රකාශ කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 2000 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී ආහාර වේලක් රුපියල් 15 කට අලෙවි වූ බවද ඔහු සදහන් කළා.

පාර්ලිමේන්තුවේ ලබාදෙන ආහාර වේලක මිල වැඩිවිය යුතු බවට 2004 හෝ 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ බවද අමත්‍යවරයා සදහන් කළා.

අමාත්‍යවරුන්ට ගෙදරින් ආහාර ගෙන ඒම කිසිසේත් කළ නොහැක්කක් බවද ඔහු පැවැසුවේය. ලෝකයේ සෑම රටකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ආහාර ලබා දෙන බවත් ජාතික ජන බලවේගය කියා සිටින්නේ සාමාන්‍ය පවතින මිලට එම ආහාර වේල් ලබාදිය යුතු බවත් යැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...