ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුගිය දිනවල ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබුණා.
විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකාව සහ ජෝර්දාන ගුවන් හමුදාව ඒකාබද්ධව ගාසා තීරයට ගුවන් ආධාර හෙළීමක් පසුගියදා සිදුකළ බවයි.
මේ අතර ජෝර්දානය පවසා ඇත්තේ තම ගුවන් යානයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ මිලියන 2.3 ක ජනගහනයෙන් හතරෙන් එකක් වන ළමයින් කුසගින්නෙන් මිය යන තත්ත්වයක් උදාවී ඇති බවයි.
මෙම සති අන්තයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගාසා තීරයට ආධාර සැපයීම මුහුදු මාර්ගයෙන් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.




