spot_img
spot_img

ඝාතනයට ලක්වූ ලාංකිකයින්ගේ අවසන් කටයුතු ගැන තීරණයක්

කැනඩාවේ ඔටාවාහිදි ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එම රටේදිම සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

කැනඩාවේ බෞද්ධ කොංග්‍රසයේ සභාපති හා ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ විහරාධිකාරි පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද ස්වාමින් වහන්සේ පැවසුවේ, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ හා විහාරස්ථ දායක සභාවේ සහාය මත ඔවුන්ගේ අවසන් කටයුතු කැනඩාවේදි සිදු කෙරෙන බවයි.

ඒ සඳහා මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් එකඟතාව පලකර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළා.

කෙසේ වෙතත් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කැනඩා පොලිසිය මගින් මෙතෙක් නිදහස් කර නැහැ.

කැනඩාවේ ඔටාවාහී බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු තියුණු ආයුධයකින් ඇණ ඝාතනයට ලක්ව තිබුණා.

අදාළ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේම පදිංචිව සිටී 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමති ශ්‍රි ලාංකික ශිෂ්‍යයෙක්.

අත්අඩංගුවට සැකකරු ලබන 14 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...