spot_img
spot_img

මේ මාසයේ වැඩිහිටි දීමනාව අස්වැසුම ගිණුමට

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වෙන අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට ලබා දෙන රුපියල් 3000ක වැඩිහිටි දීමනාව අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, නොවැම්බර් මාසයේ සිට මෙම දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව යි.

එමෙන් ම, අස්වැසුම ප්‍රතිලාභී නොවන අවුරුදු 70ට වැඩි දැනටමත් එම දීමනා ලබන ඉතිරි වැඩිහිටියන් සඳහා ගෙවන වැඩිහිටි දීමනාව පැවති ක්‍රමයට අනුව අඛණ්ඩව ම තැපැල් කාර්යාල මගින් ලබා ගත හැකියි.

ශුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයන් 511,086කට මෙම දීමනාව ගෙවීම සඳහා මසකට රජය වැය කරන මුළු මුදල රු.1,533,258,000 ක් බව යි.

එම නිවේදනය පහතින්

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...