විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකදී හෙළිවී තිබෙනවා.
මේ හේතුවෙන් විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයන් රැසකට එම බලපත්‍ර ලබා ගැනීමට හැකිවී නැතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා ප්වාසුව.
රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව සමයේදීයි.
එම බලපත්‍ර වැඩපිළිවෙලේදී තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට බාරදෙනු ලැබුවා.
එම වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විගණන වාර්තාවෙන් රජයට නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.
රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනාවරණයවූ කරුණු පදනම් කරගෙන ජාතික විගණන කාර්යාලය එහි නිලධාරී කණ්ඩායමක් යොදාගෙන මාසයකට වැඩි කාලයක් තිස්සේ එම විගණනය සිදුකර තිබෙනවා.




