spot_img
spot_img

පාසල් නිවාඩුව හෙටින් පසු ඇරඹෙයි

2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024. 11. 22 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් මගින් දැනුම් දෙනවා.

ඒ, රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා යි.

ඒ අනුව හෙට දිනයෙන් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වෙනවා.

මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024. 12.13 වන සිකුරාදා දින වන අතර එම දිනට පසුදා සිට එම පාසල් නිවාඩුව ආරම්භ වෙනවා.

සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ 2025 වර්ෂයේ ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා (2025.01.02) දිනයේ දී යි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...