spot_img
spot_img

තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති 3 වන 20-20 තරගය ලකුණු 28කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස අද (09) ජය හිමිකර ගත්තා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත් වුණා.

සිය 20-20 ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායක වනිඳු හසරංග ලකුණු 15ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 19ක් රැස් කළා.

ලකුණු 175ක ඉලක්යක් හඹාගිය බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 4 ලකුණු 15ක් තුළ දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විණා.

නුවන් තුෂාර අද තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහු වාර්තා අතර එක් වුණේ 20-20 තරගයකදී කඩුල ත්‍රිත්වයක් දවා ගත් පස්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසයි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 146ක් පමණයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...