spot_img
spot_img

විදුලි ගාස්තුව ගැන ජනපතිගෙන් ඉඟියක්

ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3 තුළ සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබෙනවා.

මෙහිදී වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් එකඟතාව පළ කර ඇත්තේ කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබාදෙන බවටයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...