spot_img
spot_img

ලංකාවට ආ අප්‍රිකානු සූකර උණ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවයි.

පසුගිය කාලසීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණා.

එම පරීක්ෂාවට අනුව ඌරන්ට වැළඳී ඇති අදාළ රෝගී තත්ත්වය දකුණු ආසියානු රටවල ද මෑතකදී වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය බවට අනාවරණය වී තිබෙනවා.

එම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම අවස්තාව මෙය වන අතර, අධිව්‍යාධිජනක මෙම රෝගය රටේ සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම සඳහා අදාළ ප්‍රදේශවල පශු වෛද්‍ය නිලධාරීන් වෙත බලය පැවරීමට කටයුතු කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව ඌරු මස්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර තිබෙනවා.

කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යංශය පැවසුවේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...