spot_img
spot_img

ජපාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද

ජපාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද(27) පැවැත්වෙයි.
ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 465 දෙනෙකු තෝරාපත් කරගැනීම වෙනුවෙන් ය.

ඊට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගණන 1300 කි.

පසුගිය අගෝස්තු මාසයේදී ෆුමියෝ කිෂිඩා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පාලක පක්ෂ නායක ෂිගෙරු ඉෂිබා අගමැති ධුරයට පත් විය.

ඒ පාලක පක්ෂයේ බහුතර ඡන්දයෙන් ය.

අනතුරුව දින තුනක් තුළ ඔහු ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවනු ලැබුවේ ය.

ඒ අනූව මධ්‍යස්ථාන 45,000 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 104 කට අධිකයි.

ඡන්ද විමසීම, එරට වේලාවෙන් උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙයි.

අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 233 ඉක්මවූ බහුතර බලයක් ලබා ගන්නා කණ්ඩායමට, ඉදිරි වසර 04 සඳහා ජපාන පාර්ලිමේන්තුවේ බලය හිමිවනු ඇති.

2021 වසරේ අවසන් වරට පැවති ජපාන මහ මැතිවරණයෙන් පාලක ඩිමොක්ක්‍රටික් පක්ෂය ආසන 247 ක් දිනා ගත්තේ ය.

අනතුරුව ආසන 32 ක් දිනාගත් හවුල්කාර පක්ෂයක් සමග එක්ව ශක්තිමත් සභාග ආණ්ඩුවක් පිහිටුවමින් ෆුමියෝ කිෂිඩා අගමැති ධුරයට තේරී පත්විය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...