spot_img
spot_img

ඇල්පිටිය ඡන්දෙ ප්‍රතිඵල දෙන්නේ මෙහෙමයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා සඳහන් කළේ අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණනය කිරීම් සිදුකෙරෙන බවයි.

එමෙන්ම ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමී තත්ත්වයක් තුළ පැවති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා,

“අද පස්වරු 3 පමණ වනවිට නියමිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 51%ක ප්‍රමාණයක් ඡන්දය භාවිත කර තිබුණා. අද පස්වරු 4:30ට පමණ ඒ ඒ ඡන්ද පොළේදීම ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කෙරෙනවා.”

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, එම ගණන් කිරීමෙන් පසු ගාල්ල තේරීම් භාර නිලධාරියාට එම ප්‍රතිඵල ලබා දෙන බවත් ඉන් පසු තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව සහ එක් එක් දේශපාලක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව නිවේදනය කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...