spot_img
spot_img

මින්නේරියේදී දුම්රියේ ගැටීමෙන් වන අලි 2ක් මරුට

ගල්ඔය සහ හිඟුරක්ගොඩ අතරදී වන අලි ගැටීමෙන් ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැන තිබේ.
අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, වන අලි ගැටීමෙන් දුම්රියේ එන්ජිම හා ඉන්ධන ප්‍රවාහන ගැල් හතරක් පීලි පැන ඇති බවයි.

අනතුරෙන් වන අලි දෙදෙනෙකු ද මියගොස් තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, දුම්රියේ ගැටුණු තවත් වන අලි පිරිසක් පලාගොස් ඇති බවයි.

අද අලුයම 3.30 ට පමණ කොළොන්නාවේ සිට මඩකලපුව බලා ගමන් ඇරඹූ එම ඉන්ධන ප්‍රවාහන දුම්රිය ගල්ඔය සහ හිඟුරක්ගොඩ අතර මින්නේරිය 146 වන සැතපුම් කණුව අසළදී මෙම අනතුරට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් මඩකලපුවේ සිට පැමිණි මීනගයා ශීඝ්‍රගාමී දුම්රිය පොළොන්නරුවේ නතර කිරීමට සිදුව තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද උදෑසන කොළඹ , කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිත අංක 6011 දරන දුම්රිය අවලංගු කර ඇති බවයි.

මේ අතර මඩකලපුවේ සිට අද උදෑසන 6.10 ට කොළඹ, කොටුව දක්වා ධාවනය විමට දුම්රිය ද අවලංගු කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...