spot_img
spot_img

මහ මැතිවරණයේ අපේක්ෂකයන්ට දැනුම්දීමක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එසේ නොවුණ හොත් පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී ඇතැම් අපේක්ෂකයින්ට සිදුවු අපහසුතාවලට මෙම අපේක්ෂකයින්ට ද මුහුණ දීමට සිදුවිය හැකි බවය.

මේ අතර මැතිවරණයේදී ආදායම් වියදම් වාර්තා නිසිපරිදි ලබා නොදෙන අපේක්ෂකයින්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වයන් පිළිබඳව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා මෙලෙස අදහස් පළ කළේය,

“යම් ආකාරයකින් අපේක්ෂකයෙකුට තමන්ගේ වියදම් වාර්තා ලබාදීමට නොහැකි වුවහොත්, නැතිනම් අසත්‍ය තොරතුරු ඇතුළත් කළොත් අධිකරණ ක්‍රියාවලියක් තුළින් දේශපාලන අයිතිය වසර 3කට අහිමි විය හැකියි. මැතිවරණ පෙත්සමක් තුළින් ධුරය අහිමිවීමට හැකියි.”

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...