spot_img
spot_img

නිල නිවාස භාර නොදුන් හිටපු මැති ඇමතිවරුන්ට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, නිල නිවාසවලින් මෙතෙක් භාර දි ඇත්තේ 14 ක් පමණක් බවයි.

එවක අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ, නිල නිවාස භාරදීමේදි ඒවායේ හිග විදුලිබිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවයි.

සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...