spot_img
spot_img

නෞකා 26ක් මෙරට සමුද්‍රය දූෂණයට ලක්කර ඇති බවට අනාවරණයක්

පසුගිය වසරක කාලය තුළ නෞකා 26ක් විසින් ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රංශ රජය සමග එක්ව දියත් කළ නිරීක්ෂණ ව්‍යාපෘතියක දත්ත පදනම් කරගනිමින් එම අධිකාරිය මේ කරුණු හෙළිදරව් කළා.

එහිදී ලබාගත් දත්තවලින් අනාවරණ වී ඇත්තේ, පසුගිය වසරක කාලය තුළ මෙරට සාගර කලාපයට ඇතුළු වූ නෞකා 26ක් මෙරට සාගර කලාපය දූෂණය කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ව්‍යාපෘති කළමනාකරු, ඔලිවර් ජර්මේන්,

“අපි මේ වාර්තාව සියලු පාර්ශ්වකරුවන්ට ඉදිරිපත් කළාම ඔවුන් පුදුම වුණා. ඔවුන් ජාතික ජල පද්ධතිය මෙතරම් දූෂණය වෙලා කියලා අපේක්ෂා නොකරන්න ඇති. ගෙවුණු මාස 12 තුළ ජල දූෂණ අවස්ථා 115ක් නිරීක්ෂණය කළා. ඒකට අනුව අපි සලකා බලන ඕනෑම වෙලාවක ජල දූෂණය වීමේ අවස්ථා දැකගැනීමේ 50%ක අවස්ථාවක් පවතිනවා. අපි මෙහිදී සිදුව ඇති හානියේ පරිමාව ගණන් බැලුවා. ශ්‍රී ලංකාවේ ජල පද්ධතියට එක්වී ඇති දූෂක ප්‍රමාණය ලීටර් මිලියන 6කටත් වැඩියි. ඒකට අනුව සාමාන්‍යයක් ගත්විට සෑම මාසයකම ලීටර් 500,000ක දූෂක ජල පද්ධතියට එක්ව තිබෙනවා. ඔබට අදහසක් ගන්න කිව්වොත්. 2021 දී එක්ප්‍රෙස් පර්ල් අනතුරේදී ජලයට එකතු වී ඇත්තේ දූෂක ලීටර් 350,000ක් පමණයි. ඒ කියන්නේ, එක්ප්‍රෙස් පර්ල් අනතුරේදී ජලයට එක්වූ දූෂක ප්‍රමාණයට සමානව සෑම මාසයකම ජල පද්ධතියට දූෂක එක්වනවා. ඊට අමතරව අපි ජලදූෂකයින් ද හඳුනාගෙන තිබෙනවා. මෙහි සිදුවීම් 26කදි අපි එය ඔවුන් හඳුනාගත්තා. ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නත් කිව්වා. “

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...