spot_img
spot_img

මුරුගන් එංගලන්තයට යන්න අවස්ථාව ඉල්ලයි

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වී සිරගතව සිට 2022 දී නිදහස ලැබූ වී. ශ්‍රී හරන් නොහොත් මුරුගන්, තමාට එංගලන්තයට යාමට අවශ්‍ය ගුවන් ගමන් ලේඛන ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලේට් කාර්යාලයට ගොස් තම ගුවන් ගමන් ලේඛන සාදා ගැනීමට සහ එංගලන්තයට යෑම සඳහා වීසා ලබාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට අවසර දෙන ලෙස එහිදී ඔහු අවසර ඉල්ලා තිබෙනවා.

ඔහුගේ අරමුණ වන්නේ එංගලන්තයට ගොස් එහි සරණාගත භාවය සඳහා ඉල්ලුම් කිරීම බව වාර්තා වනවා

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වී පසුව නිදහස ලැබූ, මුරුගන් ගේ බිරිඳ වන එස්. නාලිනී විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බවයි.

රජීව් ගාන්ධි ඝාතනයේ සැකකාරියක් ලෙස නාලිනී ව 1991 ජුනි 14 වනදා අත්අඩංගුවට ගන්නා විට ඇය දෙමස් ගැබිනියක් වන අතර ඇය ඔවුන්ගේ දියණිය, මෙහාරා සිර ගතව සිටියදී බිහිකර තිබෙනවා

2006 වසරේදී මෙහාරා එංගන්තයට ගොස් එහි සිටි සිය පියාගේ පවුලේ අය හා එක්වුණු අතර ඇය වෛද්‍ය භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරා මේ වනවිට එරට රැකියාවක යෙදෙන බව සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...