spot_img
spot_img

කාර්මික නිෂ්පාදනවල වර්ධනයක්

කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී 91.3 දක්වා ඉහළ ගොස් ඇති බවය.

එහිදී ආහාර නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් බීම වර්ග සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල අඩුවීමක් මේ වසරේ අගෝස්තු මාසයේ දී පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ජුලී මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ මෙරට නිල දරිද්‍රතා රේඛාව සුළු පහළ යාමක් වාර්තා වී තිබේ.

ජුලි මාසයේ රුපියල් 16,373ක් වූ දරිද්‍රතා රේඛාව අගෝස්තු මාසයේ දී රුපියල් 16,152ක් දක්වා අඩු වී ඇති බව සඳහන්ය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය 2023 වර්ෂයේ අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ යාමක් බවය.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...